28 C
Colombo

අංක තහඩුවේ අවසන් අංකය අනුව ඉන්ධන නිකුත් කිරීමේ දිනවල සංශෝධනයක්

Published:

QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය යටතේ වාහන අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කිරීමේ දින සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව අදාළ සංශෝධිත දින පහතින්,

0,1,2 – අඟහරුවාදා සහ සෙනසුරාදා
3,4,5 – බ්රහස්පතින්දා සහ ඉරිදා
6,7,8,9 – සඳුදා, බදාදා සහ සිකුරාදා

QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය සඳහා අද (19) දිනය වන විට මිලියන 2 ක් සාර්ථකව ලියාපදිංචි වී තිබෙනවා.

මෙම QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය ලබන 21 වනදා සිට 24 වනදා දක්වා කොළඹ ස්ථාන කිහිපයකදී පරික්ෂා කර පසුව 25 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බවයි අමාත්‍ය කංචන විජේසේකර නිකුත් කළ Twitter පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Related articles

Recent articles