ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා හෙට (15) පෙරවරු 10.00ට නව අග්‍රාමාත්‍ය ධූරය සඳහා වන නම කථානායකවරයාට යෝජනා කිරීමට නියමිතයි.
එය තීරණය කිරීම සඳහා අද (14) දිනයේ ආණ්ඩුවේ සහ විපක්ෂයේ විවිධ පක්ෂ සමඟ සාකච්ඡා පවත්වන බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ.
සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩුපක්ෂය හා විපක්ෂය යන දෙපාර්ශවයම පිළිගන්නා අග්‍රාමාත්‍යවරයකු නම් කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ කතානායකවරයාට දැනුම්දී තිබුණා.
