26.6 C
Colombo

අත්‍යවශ්‍ය දේකට හැර ශ්‍රි ලංකාවට යන්න එපා

Published:

එක්සත් රාජධානිය, සිංගප්පූරුව සහ බහරේනය අත්‍යවශ්‍ය හේතූන් මත හැර ශ්‍රී ලංකාවට පැමිණීමෙන් වළකින ලෙස තම පුරවැසියන්ට උපදෙස් දෙමින් ඔවුන්ගේ සංචාරක උපදේශන යාවත්කාලීන කර ඇත. ඔස්ට්‍රේලියාව ද සිය සංචාරක උපදේශන යාවත්කාලීන කර ඇති අතර, කොළඹ පුරා ප්‍රචණ්ඩ විරෝධතා අඛණ්ඩව පවතින බැවින් ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකාවට යාමට පෙර දෙවරක් සිතා බලන ලෙස සිය පුරවැසියන්ට උපදෙස් දෙයි.

යාවත්කාලීන කරන ලද සංචාරක උපදේශනයට අනුව, ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාවේ සිටින ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්ය මණ්ඩලයේ පවුලේ සාමාජිකයින්ට ස්ව කැමැත්තෙන් පිටව යාමට හෝ රැඳී සිටීමට අවසර දී ඇත.

යාවත්කාලීන කරන ලද බ්‍රිතාන්‍ය සංචාරක උපදේශනයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර දිවයින පුරා ඇඳිරි නීතිය පනවා ඇති බවයි. බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාවේ සිටින තම පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වැළකී ඔවුන්ගේ හෝටලයේ හෝ නේවාසිකාගාරයේ රැඳී සිටින ලෙසද උපදෙස් දී තිබේ. ශ්‍රී ලංකාව තුළ ඉන්ධන, ඖෂධ, ආහාර සහ ගෑස් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් පවතින බවත්, කොළඹ පුරා ප්‍රචණ්ඩ විරෝධතා ක්‍රියාත්මක වන බවත්, ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින බවත් සංචාරක උපදේශකයෝ පෙන්වා දෙති.

Related articles

Recent articles