30 C
Colombo

අද ඉන්ධන සැපයීම අවසන් ඉලක්කම 6, 7, 8, 9 වාහන සඳහා පමණයි

Published:

සිපෙට්කෝ පිරවුම්හල්වලින් වාහනවල ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව සීමා සහිතව ඉන්ධන නිකුත් කිරීම අද (22) දිනයේත් සිදු කෙරෙනවා.

ඒ අනුව අද දිනයේ අවසන් ඉලක්කම 6, 7, 8, 9 වන වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

ඉන්ධන නිකුත් කිරීමේදී යතුරුපැදි සඳහා රුපියල් 1500ක්, ත්‍රිරෝද රථ සඳහා රුපියල් 2000ක් සහ අනෙකුත් වාහන සඳහා රුපියල් 7000ක උපරිමයකට යටත්ව ඉන්ධන ලබාදෙන බවයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.

Related articles

Recent articles