26 C
Colombo

අද සිට පාස්පෝට් නිකුත් කිරීම සීමාවෙයි

Published:

අද (27) සිට විදෙස් ගමන් බලපත්‍ර ලබාදීමේ කටයුතු සීමා කිරීමට තීරණය කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව කලින් වේලාව සහ දිනයක් වෙන්කරගත් අයට පමණක් සේවාව ලබාදීමට තීරණය කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී ඉතා හදිසි අවශ්‍යතාවන් සඳහා විදෙස්ගත වන අයදුම්කරුවන් ට විශේෂ එක් දින සේවාවක් ක්‍රියාත්මක බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එම හදිසි අවශ්‍යතාවය සනාථ කරන ලියකියවිලි යොමු කිරීම සඳහා 0706 311 711 යන වට්ස්ඇප් අංකය හඳුන්වාදී ඇති අතර එම අයඳුම්කරුවන් වෙත අයදුම්පත් භාරගැනීම සඳහා කඩිනමින් දිනයක් ලබාදීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Related articles

Recent articles