ජනාධිපති ධුරය සඳහා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඉදිරිපත් කිරීමට තීරණය කළ බව එම පක්ෂය සඳහන් කරනවා.
මේ වනවිට පැවැත්වෙන එම පක්ෂයේ මධ්‍ය හමුවක දී ඒ බව අනාවරණය වුණා.
ඒ අනුව මීට පෙර, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරය සඳහා තරග කරන බව ඊයේ නිවේදනය කළා.
මේ අතර පාර්ලිමේන්තු මහලේකම්වරයා අද (16) පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නේ ලබන 19 අඟහරුවාදා පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස් වී පුරප්පාඩු වූ ජනාධිපති ධුරය සඳහා වන නාම යෝජනා භාරගැනීමේ කටයුතු ආරම්භ කරන බවයි.