විරෝධතාකරුවන් පිරිසක් විසින් මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය කැළඹීමට පත්ව ඇති බව එම සංගමය පවසනවා.
එම පරිශ්‍රය වහාම බලධාරීන් වෙත ආපසු ලබා දෙන ලෙසත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සාමකාමී විරෝධතාවල අයිතීන් අඛණ්ඩව තහවුරු කරන බවත් කෙසේ නමුත් ව්‍යවස්ථා විරෝධී වන අවනීතිය හෝ අරාජික තත්ත්වයකට සහාය නොදක්වන බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර තිබෙනවා.
රජයේ කාර්යාල අල්ලාගෙන විනාශ කිරීමට හෝ දේපළවලට හානි කිරීමට උත්සාහ කිරීම සාමකාමී විරෝධතාවක් නොවන බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ.
මේ අවස්ථාවේදී සන්සුන්ව සිටිමින් මෙරට දේශපාලන නායකයින් පොරොන්දු වූ සාමකාමී බල හුවමාරුවට ඉඩකඩ ලබාදෙන ලෙසයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
