Home News අරගලකරුවන්ට පහරදීම ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්

අරගලකරුවන්ට පහරදීම ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්

අරගලකරුවන්ට පහරදීම ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්

0
අරගලකරුවන්ට පහරදීම ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්
අරගලකරුවන්ට පහරදීම ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගාලු මුවදොරදී විරෝධතාකරුවන්ට පහරදීමක් සම්බන්ධයෙන් නීතිඥවරුන් කිහිප දෙනෙකු තමන්ව දැනුවත් කළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසනවා.

ඒ අනුව නීතිඥ නුවන් බෝපගේ ඇතුලු කිහිප දෙනෙක්ද මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා සඳහන් කරන්නේ.

ආරක්ෂක අංශ මෙම සියලු දෙනාගේම ආරක්ෂාව තහවුරු කළ යුතු අතර අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිටින ස්ථානයද දැනුවත් කළ යුතු බවද ඔහු නිවේදනයේ සඳහන් වන්නේ.

එසේම තමන් පොලිස්පතිවරයා සම්බන්ධ කරගැනීමට උත්සහ කළ අතර යුද හමුදාපතිවරයාට පණිවුඩයක් යවා මේ පිළිබදව දැනුවත් කළ බවත් අනවශ්‍ය ලෙස බලය යොදා ගනීමෙන් මෙරට පිළිබදව ජාත්‍යාන්තරය තුළ ඇති ප්‍රතිරූපය වර්ධනය නොවන බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version