26.6 C
Colombo

අරගලයට එල්ල වූ ප්‍රහාරය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හෙළා දකියි

Published:

ගාලුමාවදොර සාමකාමී මහජන විරෝධතාවට අද (22) අලුයම ආරක්ෂක අංශ විසින් එල්ල කරන ලද ම්ලේච්ඡ හා නින්දිත ප්‍රහාරය හෙළා දකින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසනවා.

අපරාධකරුවන් හඳුනාගෙන සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, හමුදාවේ එවැනි ක්‍රියා හෝ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීම සඳහා රාජ්‍ය පාලනය තුළ ඇති කිසිදු ක්‍රියාමාර්ගයක් අනාගතයේදී කිසිදා සිදු නොවන බවට සහතික වන ලෙසද මානව හිමිකම් කොමිසම රජයට දැනුම්දී තිබෙනවා.

මේ අතර නීතියේ ආධිපත්‍යය පවත්වා ගැනීම සහතික කිරීම සඳහා මානව හිමිකම් කොමිසම මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Related articles

Recent articles