25 C
Colombo

ඇඳිරී නිතීය ඉවත් කිරීමෙන් පසු කොළඹ බස් හා දුම්රිය සේවා යළි ඇරඹේ

Published:

කොළඹ දිස්ත්‍රික්කයට ඊයේ දහවල් 12.00ට පනවා තිබූ ඇඳිරි නීතිය අද (15) අලුයම 5.00ට ඉවත් කෙරිණ.
මහජන ආරක්ෂක ආඥාපනත පනතේ විධිවිධාන යටතේ පවරා ඇති බලතල අනුව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ මෙම නියෝගය නිකුත් කළේය.

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු කොළඹ දිස්ත්‍රික්කයේ බස් රථ ධාවනය ආරම්භ කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ අද දිනයේ මුළු බස් රථ සංඛ්‍යාවෙන් 10%ක් පමණ ධාවනය කිරීමට නියමිත බවයි.

කොළඹ ලංගම බස් රථ සේවාව ද අලුයම 5.00 න් පසු ආරම්භ වූ බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය නිවේදනය කළේ.

අද දිනයේ දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

Related articles

Recent articles