30 C
Colombo

ඇප් එකට ඉන්ධන දෙන දිනය මෙන්න

Published:

‘ජාතික ඉල්ධන බලපත්‍රය’ අනුව ලබන බ්‍රහස්පතින්දා (21 වැනිදා) සිට ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කරන බවත් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල පෝලිමේ සිටීමෙන් පළක් නොවන බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්‍ෂ මහතා අද (18) පෙරවරුවේ පැවසීය.

බ්‍රහස්පතින්දා සිට කිව්.ආර්. සංකේතය සහ වාහනයේ ලියාපදිංචි අංකය අනුව පමණක් ඉන්ධන නිකුත් කරන බව කී කුමාර රාජපක්‍ෂ මහතා දැනට පෝලිම්වල සිටින ජනතාව ඉවත්විය යුතු බව ද සඳහන් කළේය.

ඒ අනුව වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම 0, 1 සහ 2 වන වාහන හිමියන් පමණක් ලබන 21 වැනිදා ඉන්ධන ලබාගැනීමට පැමිණිය යුතු බව ද රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් කීය.

Related articles

Recent articles