24 C
Colombo

ඉදිරි දින 7 තුළ නව ජනපති කෙනෙක් පත් වීමට නියමිතයි – කථානායක

Published:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද නිවේදනය කළේය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් කථානායකවරයා කියා සිටියේ 2022 ජූලි 14 වැනි දින ජනාධිපතිවරයාගේ නිල ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත ලැබී ඇති බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නව ජනාධිපතිවරයෙකු පත් කරන තෙක් වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන බව කථානායකවරයා වැඩිදුරටත් පැවසීය.

නව ජනාධිපතිවරයෙකු පත්කිරීමේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා 2022 ජූලි 16 වැනි සෙනසුරාදා පාර්ලිමේන්තුව කැඳවීමට අදහස් කරන බව ඔහු පැවසීය.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව නව ජනාධිපතිවරයකු පත් කර ගැනීමට අවශ්‍ය පාර්ලිමේන්තු කටයුතු කඩිනමින් සිදු කිරීම මගේ අරමුණයි. ඒ සඳහා සියලු පක්ෂ නායකයන්ගේ සහයෝගය ලබාදෙන ලෙස මම ඉල්ලා සිටිනවා.”

මෙම කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ලෙස ද කථානායකවරයා සියලු දේශපාලන පක්ෂවලින් සහ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.

Related articles

Recent articles