26 C
Colombo

ඉන්ධන පෝලිමේ තවත් මරණයක්

Published:

කැකිරාව – ඉපලෝගම IOC ඉන්ධන පිරවුම්හලේ දී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ පුද්ගලයා තෙල් ලබාගැනීමට පෝලිමේ රැඳී සිටි අයෙකු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ (15) පෙරවරුවේ දී මෙම මරණය සිදු ව තිබෙනවා.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුකන ප්‍රදේශයේ පදිංචි ව සිටි 40 හැවිරිදි දෙදරු පියෙක්.

මෙම පුද්ගලයා ත්‍රීරෝද රථ රියදුරෙකු බව ද වාර්තා වනවා.

ඉන්ධන ලබා දෙන බව මියගිය පුද්ගලයාට දැනගැනීමට ලැබීමත් සමග ඔහු ද ඉන්ධන ලබා ගැනීම සඳහා සිය යතුරුපැදියේ ටැංකිය ද ගලවාගෙන සිය මිතුරකු සමග පෝලිමට පැමිණ තිබෙනවා.

මෙලෙස පෝලිමේ රැඳී සිටියදී එක්වරම සිහිසුන්ව මෙම පුද්ගල‍යා ඇද වැටීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි කැකිරාව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව ඉපලෝගම පොලිසිය විමර්ශන සිදු කරනවා.

Related articles

Recent articles