28 C
Colombo

උද්ධමනය තවදුරටත් ඉහළට

Published:

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2022 ජුනි මාසයේ දී සියයට 58.9ක් වශයෙන් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. 

වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදුවූ මාසික ඉහළ යෑම් හේතුවී ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ජුනි මාසයේ දී සියයට 75.8 දක්වා ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ජුනි මාසයේ දී සියයට 43.6 දක්වා ඉහළ ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Related articles

Recent articles