30 C
Colombo

එකම පවුලේ 06ක් ගමන්ගත් මෝටර් රථය දුම්රියේ ගැටී අනතුරක්

Published:

ගාල්ල – මාගාල්ල අනුලාදේවී බාලිකා විද්‍යාලය අසල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී මෝටර් රථයක් දුම්රියේ ගැටී අද (18) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.
තුවාලකරුවන් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර මංගල උත්සවයකට සහභාගි වී නැවත එමින් සිටියදීයි ඔවුන් මෙම අනතුරට මුහුණ පා ඇත්තේ.

මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් ගැබිනි කාන්තාවක්, කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ හය දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

ආලෝක සංඥා නොතකමින් මෝටර් රථය දුම්රිය මාර්ගය හරහා ධාවනය කිරීමට යාමේ දී මෙම අනතුර සිදුව තිබෙනවා.

රෝහල්ගත කළ දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.

Related articles

Recent articles