27 C
Colombo

කාදිනල්තුමා සාමය සහ සංයමය ඉල්ලා සිටියි

Published:

කිසිදු පාර්ශවයක් විසින් නීතිය අතට නොගන්නා ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලා සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් කොළඹ අගරදගුරු හිමිපාණන් පවසන්නේ පවතින අරගලය යම් යම් සන්ධිස්ථාන අත්පත් කරගෙන ඇති බවත්, එම සන්ධිස්ථාන ශක්තිමත් කිරීමට ඇති එකම ක්‍රමය සිවිල් වැසියන්ට පහර නොදීම සහ කිසිදු හානියක් සිදු නොකිරීම බවත්ය.

මේ නිසා රටේ ප්‍රශ්නවලට බාහිර බලවේග මැදිහත් විය හැකි බැවින් සියලු පාර්ශ්ව සංයමයෙන් කටයුතු කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

ඒ අනුව දැනට පවතින අරගලයට සහය දෙන ලෙස අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related articles

Recent articles