27 C
Colombo

කෝටි 34 රන් කොල්ලයේ සැකකරු අත්අඩංගුවට

Published:

ගාලු කොටුවේ ස්වර්ණාභරණ සහ මැණික් අලෙවිසැලක් කඩා රුපියල් කෝටි 34ක් වටිනා රන් හා මැණික් කොල්ලකෑ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දින 14කට පසු සැකකරු ඊයේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු උඩුගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු සන්තකයේ තිබී සොරාගත් රත්‍රං සහ මැණික් සොයා ගැනීමටද පොලිසිය සමත්ව තිබෙනවා.

ගාල්ල දිසා පොලිස් අධිකාරී උපුල සෙනෙවිරත්න මහතාට ලද තොරතුරකට අනුව ඊයේ දඩල්ල ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Related articles

Recent articles