ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ පෞද්ගලික නිවසේ රැකවරණය ලබාදී ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ගුවන් හමුදා මාධ්‍ය ඒකකය පැවසුවේ, මේ සම්බන්ධයෙන් හිටපු ස්ථානාධිපති අජිත් ධර්මපාල විසින් සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කර ඇති හඬ පනිවුඩය අසත්‍ය බවයි.
හිටපු ස්ථානාධිපතිවරයාගේ හෙළිදරව්ව ගුවන් හමුදාවට සහ ගුවන් හමුදාපතිවරයාට අපකීර්තියක් ඇති කිරීමේ උත්සාහයක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව වැඩිදුරටත් පැවසීය.
