අද (16) දිනයේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් ‘ජාතික ඉන්ධන අවසර පත්‍රය’ සඳහා ලියාපදිංචි කටයුතු නිල වශයෙන් ආරම්භ වුණා.
මෙම බලපත්‍රය නිකුත් කිරීමේ දී ජාතික හැඳුනුම්පත හෝ ගුවන් ගමන් බලපත්‍රයට ලබාගත හැක්කේ එක් ඉන්ධන අවසර පත්‍රයක් පමණක් බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.
කෙසේ වෙතත් නිවසේ එක් වාහනයකට වඩා වැඩි නම් එවැනි අවස්ථාවකදී පවුලේ වෙනත් සාමාජිකයෙකුගේ හැඳුනුම්පත් අංකය යටතේ අනිකුත් වාහනයක් ලියාපදිංචි කළ හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.
මෙහිදී එක් වාහනයක් එක් වතාවක් පමණක් ලියාපදිංචි කළ හැකි බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.