හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ රැඳී සිටීම දීර්ඝ කිරීමට නියමිත බව සිංගප්පූරුවේ Straits Times පුවත්පත වාර්තා කර තිබෙනවා.
ඒ අනුව ඔහු සති දෙකකට පෙර පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුවට පැමිණි අවස්ථාවේදී නිකුත් කර තිබූ ඔහුගේ කෙටි කාලීන සංචාර බලපත්‍රය තවත් දින 14කින් දීර්ඝ කර ඇති බවයි Straits Times පුවත්පත සඳහන් කර තිබෙන්නේ.
ඊයේ (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බවයි.
එසේම හිටපු ජනාධිපතිවරයා නැවත පැමිණෙන්නේ කවදාදැයි තමන් නොදන්නා බවත් ඔහු සැඟවී නොසිටි බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.