27 C
Colombo

ගෝඨාභය අත්අඩංගුවට ගන්නැයි සිංගප්පූරුවේ නීතිපතිට පැමිණිල්ලක්

Published:

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යුද අපරාධ සම්බන්ධයෙන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතියේ (ITJP) නීතීඥයින් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත අපරාධ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

2009 සිවිල් යුද්ධයේදී රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාව සිටියදී ජිනීවා සම්මුතීන් බරපතල ලෙස උල්ලංඝණය කළ බවයි ඔවුන් එම පැමිණිල්ල මඟින් පෙන්වාදී තිබෙන්නේ.

විශ්වීය අධිකරණ බලය මත පදනම්ව, ගෝඨාභය රාජපක්ෂට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් සිංගප්පූරුවේ දී ඔහුට නඩු පැවරිය හැකි බවයි ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතියේ (ITJP) නීතීඥයින් පෙන්වා දෙන්නේ.

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා අදහස් දැක්වීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බවයි රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර තිබෙන්නේ.

Related articles

Recent articles