26 C
Colombo

ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විරෝධතාවයේ නිරත ශ්‍රී ලාංකිකයන් මාලදිවයිනේ පොලිසිය විසින් අත්අඩංගුවට

Published:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරටට පැමිණීමට විරෝධය පළ කරමින් විරෝධතාවයක නිරත ශ්‍රී ලාංකිකයින් අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය පියවර ගෙන ඇත.

ජනාධිපතිවරයා අද අලුයම මාලදිවයිනට පලා ගොස් ඇති අතර ඔහු එරට දූපතක නිවාඩු නිකේතනයක ලැගුම්ගෙන සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ පුරවැසියන් ඉල්ලා සිටින පරිදි අද දිනයේදී ඉල්ලා අස්වීම ප්‍රකාශ කරන බව ඔහු කලින් ප්‍රකාශ කළද ඒ වෙනුවට ජනාධිපතිවරයා රටින් පැන ගොස් ඇත.

ඔහු මාලදිවයිනට පැමිණීම පිළිබඳව වාර්තා වීමත් සමඟ මාලදිවයිනේ පදිංචි ශ්‍රී ලාංකිකයන් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලෙස බලකරමින් මාලේ අගනුවරදී විරෝධතාවක් දියත් කර තිබුණි.

ගෝඨාභය රාජපක්ෂට එරෙහිව මාලදිවයිනේ ශ්‍රී ලාංකිකයින් විසින් පවත්වන විරෝධතාවලට එක්වන ලෙස මාලදිවයින් ජාතිකයන් කිහිප දෙනෙකුද සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා පුරවැසියන්ට සිය සහයෝගිතාව ප්‍රකාශ කර තිබේ.

Related articles

Recent articles