ගාලුමුවදොර අරගලයේ නිරතව සිටින ජනතාවට එල්ල වූ ප්‍රහාරය අතරතුර පුද්ගලයින් 9 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.
අත්අඩංගුවට ගත් පිරිස අතර පුද්ගලයින් දෙනෙනෙක් තුවාල ලබා ඇති බවත් ඔහුන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවද ඔහු සඳහන් කළා.
අනෙකුත් සැකකරුවන් පොලිස් භාරයේ සිටින බවත් ඔවුන් අද දිනයේ අධිකරණය ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.
මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලය සහ එහි ගාලු මුවදොර ප්‍රධාන දොරටුව ඊයේ රාත්‍රියේ විරෝධතාකරුවන් ඉවත් කළේ පොලිස්, විශේෂ කාර්ය බලකාය සහ ආරක්ෂක අංශ ඒකාබද්ධ මෙහෙයුමකින් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව වැඩිදුරටත් සඳහන් කළා.