25 C
Colombo

ගෝල්ෆේස් බණ්ඩාරනායක පිළිරුව අසලට ඒම වළකමින් අධිකරණ නියෝගයක්

Published:

ගාලු මුවදොර, බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්‍රදේශය තුළ කිසිදු පාර්ශ්වයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොටුව පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් සලකාබැලීමෙන් පසුව මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

පොලීසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ, අදාළ පිළිමයට හානි කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී තිබෙන බවයි.

එම ඉල්ලීම සලකාබැලූ මහෙස්ත්‍රාත්වරයා අදාළ නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

Related articles

Recent articles