30 C
Colombo

චීනයේ වුහාන් නගරයෙන් තවත් වසංගතයක්!කැස්බෑ මාංශවලින් කොළරාව පැතිරේ

Published:

පසුගිය වසර දෙක තුළ කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වූ ලෝකයේ සියලුම රටවල් මේ වන විට වසංගතය හේතුවෙන් නතර වූ ආර්ථිකය ගොඩ ගැනීමට අරගල කරමින් සිටිති. මේ අතර කොරෝනා වසංගතයේ නිජබිම වන චීනයේ වුහාන් නගරයෙන් තවත් වසංගතයක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා.

චීනයේ වුහාන් නගරයේ ආහාර වෙළෙඳ පොළක විකිණීමට තිබූ කැස්බෑ මස්වල කොලරා බැක්ටීරියාව ඇති බව සොයාගෙන තිබෙනවා.

මීට පෙර වූහාන් නගරයේ සිසුවෙකුගෙන් කොළරා බැක්ටීරියාව හඳුනාගැනීමත් සමඟයි මෙලෙස කැස්බෑ මාංශ අතර තිබී එම බැක්ටීරියාව සොයාගෙන ඇත්තේ.

වුහාන් හි කැස්බෑ මස් වලින් කොලරා බැක්ටීරියාව හඳුනා ගැනීමත් සමඟ, වුහාන් නගරයේ ජනතාව කෝවිඩ් -19 වෛරසය පැතිරීම ආරම්භ වූ විට මෙන් දැඩි බියට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් වූහාන් ප්‍රාදේශීය බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ආහාර වෙළඳපොළ විෂබීජහරණය කර ඇති බැවින් අනියත බියක් ඇති කර නොගන්නා ලෙසයි.

Related articles

Recent articles