26 C
Colombo

ජනපතිට සහ වැඩ බලන ජනපතිට ජනවරමක් නැහැ – සිරිසේන

Published:

බල ලෝභී පිරිසක් රට ක්‍රමයෙන් විනාශ කරමින් සිටින බවට ශ්‍රී ලංකා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනතුරු අඟවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ අරගලයේ යෙදී සිටින ජනතාව සහ ශ්‍රී ලාංකික ජනතාව ආරක්ෂා කිරීම ත්‍රිවිධ හමුදාවේ වගකීම බවයි.

ඔහු පොලිස්පතිවරයාගෙන් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේ උද්ඝෝෂණවලදී ආයුධවලින් ප්‍රතිචාර නොදක්වන ලෙසත් සංයමයෙන් කටයුතු කරන ලෙසත්ය.

ජනාධිපතිවරයාට සහ වැඩබලන ජනාධිපතිවරයාට කිසිසේත්ම ජනවරමක් නොමැති බවත්, ඔවුන්ගේ නියෝග ක්‍රියාත්මක කිරීමට පෙර දෙවරක් සිතා බැලිය යුතු බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.

රාජ්‍ය දේපළ විනාශ නොකරන ලෙසත්, එම රාජ්‍ය දේපළ තම දේපළ ලෙස සලකන ලෙසත් ඔහු ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

Related articles

Recent articles