29.8 C
Colombo

ජනපති ඉල්ලා අස්වීමෙන් පසු ජාතික සම්පත් ආරක්ෂක අංශවලට භාරදිය යුතුයි – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

Published:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (13) දිනයේ ඉල්ලා අස්වීමත් සමඟ මේ වන විට ජනතාව සතුව තිබෙන ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය හා අරලිය ගහ මන්දිරය නිදහස් කිරීමට කටයුතු කළ යුතු බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

මෙම වටිනා ජාතික සම්පත් විනාශ කිරීමට කුමන්ත්‍රණ පවා සිදුවිය හැකි බැවින් හෙට දිනයේ එම ජාතික සම්පත් ආරක්ෂක අංශවලට ලබා දිය යුතු බවයි උන්වහන්සේ පවසන්නේ.

එසේම හෙට දිනයේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමත් සමඟ ජනතාව තමන්ගේ ඉල්ලීම ඒ ආකාරයෙන්ම ඉටුවීම සම්බන්ධයෙන් යම් ආකාරයක සෑහීමකට පත්විය යුතු බවද ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.

Related articles

Recent articles