29.7 C
Colombo

ජනාධිපතිවරයා මාලදිවයිනට ගෙන යන ලෙස රජය ගුවන් හමුදාවෙන් ඉල්ලීමක් කරයි

Published:

ජනාධිපතිවරයා, ආර්යාව සහ ආරක්ෂකයින් දෙදෙනෙකු මාලදිවයින බලා පිටත්ව යාමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් පවතින ගුවන් යානයක් ලබා දුන් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

පවතින රජය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව එය සිදු කළ බව එම නිවේදනයේ දැක්වේ.

ගුවන් යානා සැපයීමේදී සියලුම ආගමන විගමන සහ රේගු නීති අනුගමනය කළ බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

අද අලුයම 1.45 ට පමණ රටින් පිටව ගොස් ඇති ජනාධිපතිවරයා ඇතුළු පිරිස රැගත් යානය අලුයම 3.00 පමණ වන විට යානය මාලේ අගනුවරට ළඟා වී ඇති බව ද BBC පුවත් සේවය වාර්තා කර තිබිණ.

Related articles

Recent articles