ජුලි 9 වැනිදා විරෝධතාකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ පාලනය සියතට ගැනීමත් සමඟ එහි තිබූ භාණ්ඩ රැසක් සොරකම් කර ඇත.
පුද්ගලයන් තිදෙනෙකු ජනෙල් තිර එල්ලීම සඳහා බිත්තිවල සවිකර තිබූ රන් ආලේපිත පිත්තල සොකට් 40ක් සොරා ගෙන තිබුණි.
සැකකරුවන් සොරාගත් භාණ්ඩ අලෙවි කිරීමට යාමේදී වැලිකඩ පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා වයස අවුරුදු 28, 34 සහ 37 යන වයස්වල පසුවන රාජගිරිය – ඔබේසේකරපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.
සැකකරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවට සැක කෙරෙන බවයි පොලිසිය පැවසුවේ.
ඔවුන් කොළඹ (උතුර) අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත භාරදීමට නියමිතයි.