26 C
Colombo

ජනාධිපති රාජපක්ෂ ගුවන් තොටුපළ අසල සිටි බව කටකතාවක් ද?

Published:

ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව කියන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (11) ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසල ගුවන් කඳවුරක් වෙත පියාසර කරන ලද බව නිලධාරීන් උපුටා දක්වමින් Agence France-Presse (AFP) මාධ්‍ය වාර්තා කරනවා.

ජනාධිපතිවරයා විදේශගතවනු ඇතැයි අනුමාන කිරීම් මතු කරමින් වාර්තාව කියා සිටියේ සෙනසුරාදා දස දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් එම පරිශ්‍රයට යාමට ටික වේලාවකට පෙර ඔහු නාවික හමුදාවේ ආරක්ෂාව යටතේ කොළඹ ජනාධිපති මන්දිරයෙන් පලා ගිය බවයි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ මායිම්ව පිහිටා ඇති කටුනායක ගුවන් කඳවුරට ගෙන ඒමට පෙර 73 හැවිරිදි නායකයා නාවික හමුදා කඳවුරක රැකවරණය ලබා ඇති බවයි AFP වෙත ඉහළ ආරක්ෂක නිලධාරියෙක් පවසා ඇත්තේ.

හෙලිකොප්ටර් යානා දෙකකින් ඊයේ සවස 5.45 ට ප්‍රභූවරුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඇති අතර එහි සිට ඩුබායි බලා යෑමට නියමිතව රැඳී සිටි බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග පැවැසීය.

හෙලිකොප්ටර් යානා දෙකේ පැමිණි ප්‍රභූවරුන්ට එම යානාවලින් බිමට බැසීමට නොහැකි වූ අතර එම අවස්ථාවේ ඩුබායි ගුවන් යානය විනාඩි කිහිපයක් බලාසිට පිටත්ව ගොස් තිබේ.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් රටින් පිටව යෑම සඳහා ගුවන්තොටුපලේ විශේෂ කාමරයක ප්‍රභූ ආරක්ෂාව ඇතිව රැදී සිටින පුවතක්ද වාර්තා වනවා.

ඔහු සිටින ස්ථානය පිළිබඳව ජනාධිපති කාර්යාලයෙන් නිල වචනයක් නොතිබුණත්, ඔහු සඳුදා පසුව ඩුබායි බලා පිටත්ව යාමට නියමිත බව දේශීය මාධ්‍ය වාර්තා කිහිපයක් අනුමාන කළේය.

Related articles

Recent articles