පසුගියදා කොළඹ පැවති මහජන විරෝධතාවයේදී විරෝධතාකරුවන් විසුරුවා හැරීමට භාවිත කළ ජලය වෙනුවෙන් ජල සම්පාදන මණ්ඩලයට ගෙවන මුදල ශ්‍රී ලංකා පොලිසිය මෙතෙක් ගෙවා නැත.
විරෝධතා අතරතුර පොලිසිය විසින් විශාල ජල ප්‍රමාණයක් භාවිතා කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු අනාවරණය කර තිබේ.
ජල ප්‍රහාරක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා භාවිත කළ ජලය වෙනුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට පොලිස් දෙපාර්තමේන්තුව තවමත් මුදල් ගෙවා නොමැති බවද පොලිස් නිලධාරියා වැඩිදුරටත් තහවුරු කළේය.
මේ අතර පොලිස් ස්ථානවලින් පිට පළාත්වලින් ද කඳුළු ගෑස් කැනිස්ටර් කොළඹට රැගෙන ඒමට පොලිසිය පියවර ගෙන ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කරයි.
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පැවති විරෝධතා වලදී කඳුළු ගෑස් විශාල ප්‍රමාණයක් භාවිතා කර ඇති බැවින් කොළඹ පොලිස් ස්ථානවල ඉතිරිව ඇත්තේ සීමිත කඳුළු ගෑස් ප්‍රමාණයක් පමණක් බව උසස් පොලිස් නිලධාරියා පැහැදිලි කලේ ය.