ජාතික ඉන්ධන බලපත්‍ර ලබා ගැනීම සඳහා සාර්ථකව ලියාපදිංචි වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව ඊයේ සවස (දින හතරක් තුළදී) 3,000,000 ඉක්මවා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
මෙම ක්‍රමය ඊයේ හඳුන්වා දුන් අතර වාහන කිහිපයක් ධාවනය කරන ව්‍යාපාර සහ ආයතන සඳහා ව්‍යාපාර ලියාපදිංචි අංකය භාවිත කර තම සම්පූර්ණ වාහන ඇණිය ලියාපදිංචි කිරීම සඳහා විකල්පයක් ලබා දීම සඳහා ඉදිරි දින කිහිපය තුළ වැඩිදියුණු කරන බව අමාත්‍යාංශය පවසයි.
පහසු සහ කාර්යක්ෂම ඉන්ධන බෙදා හැරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් ජාතික ඉන්ධන බලපත්‍රය සෙනසුරාදා (16) නිල වශයෙන් හදුන්වා දෙන ලදී.
පළමු වරට භාවිතා කරන්නන් http://fuelpass.gov.lk හි ඇති ඉන්ධන කෝටා කළමනාකරණ අංශයට පිවිසිය යුතුය.