28 C
Colombo

දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ සහාය ඩලස්ට

Published:

අනුප්‍රාප්තික ජනාධිපති තේරීම සම්බන්ධයෙන්  දමිළ ප්‍රගතිශීලී සන්ධානය, සමගි ජන සන්ධානය සමඟ එක්ව හවුල් ආණ්ඩුවක් ලෙස කටයුතු කිරීමට එකඟ වූ ඩලස් අලහප්පෙරුමට සහය පළ කරමින් ඡන්දය ලබා දීමට තීරණය කළ බව එහි නායක මනෝ ගනේෂන් මහතා පැවසීය.

දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායකත්ව මණ්ඩලය අද  පස්වරුවේ නුගේගොඩ පිහිටි පක්ෂ ලේකම් කාර්යාලයේ රැස්වී මෙම තීරණය ගත් බවත් ඔහු සඳහන් කළේය. 

අනුප්‍රාප්තික ජනාධිපති තේරීම සඳහා තරඟ කිරීමට නාම යෝජනා බාරදුන් සියලු අපේක්ෂකයන් සම්බන්ධයෙන්, සාකච්ඡා කර මෙම තීරණය ගත් බවත් මනෝ ගනේෂන් මහතා තවදුරටත් කීවේය. 

Related articles

Recent articles