බස්නාහිර පළාතට ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුවද කොළඹට පැමිණි මගීන් නැවත නිවෙස් බලා යන තුරු දුම්රිය ධාවනය සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දුම්රිය මගින් අපහසුතාවයට පත්නොවන සේ එම කටයුත්ත ඉටුකිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළා.
වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාත තුළ ඇඳිරිනීතිය බලාත්මක කර ඇති අතර, දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කිරීමට වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිහං නියෝග කර තිබෙනවා.