24 C
Colombo

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි : අලි සබ්රි විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ

Published:

අලි සබ්රි ඇතුළු කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනෙකු අද අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

හිටපු විදේශ කටයුතු අමාත්‍ය ජී එල් පීරිස් මහතා ඔහුගේ අමාත්‍ය ධූරයෙන් ඉවත් කර ඒ වෙනුවට අලි සබ්රි මහතා පත් කර තිබේ.

ඒ අනුව දිවුරුම් දුන් කැබිනට් අමාත්‍යවරුන් වන්නේ;

1.අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

  1. ඩග්ලස් දේවානන්දා – ධීවර අමාත්‍ය
  2. සුසිල් ප්‍රේමජයන්ත්- අධ්‍යාපන අමාත්‍ය
  3. බන්දුල ගුණවර්ධන – ප්‍රවාහන හා මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය
  4. 5.කෙහෙලිය රඹුක්වැල්ල -සෞඛ්‍ය හා ජල සම්පාදන අමාත්‍ය
  1. මහින්ද අමරවීර – කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය
  2. විජයදාස රාජපක්ෂ -අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය
  3. හරින් ප්‍රනාන්දු – සංචාරක හා ඉඩම් අමාත්‍ය
  4. රමේෂ් පතිරණ -වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය
  5. ප්‍රසන්න රණතුංග – නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය
  6. එම්.යූ.එම්. අලි සබ්රි -විදේශ කටයුතු අමාත්‍ය
  7. විදුර වික්‍රමනායක – බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
  8. කංචන විජේසේකර – විදුලිබල හා බලශක්ති අමාත්‍ය
  9. නසීර් අහමඩ් – පරිසර අමාත්‍ය
  10. 15.රොෂාන් රණසිංහ – ක්‍රීඩා හා යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය
  1. මනුෂ නානායක්කාර – කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය
  2. ටිරාන් අලස් – මහජන ආරක්ෂක අමාත්‍ය
  3. නලින් රුවන්ජීව ප්‍රනාන්දු – වෙළඳ,වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය

Related articles

Recent articles