Home News පවතින ක්‍රමය වෙනස් කරන බවට නව ජනපති ප්‍රතිඥා දෙයි

පවතින ක්‍රමය වෙනස් කරන බවට නව ජනපති ප්‍රතිඥා දෙයි

පවතින ක්‍රමය වෙනස් කරන බවට නව ජනපති ප්‍රතිඥා දෙයි

0
පවතින ක්‍රමය වෙනස් කරන බවට නව ජනපති ප්‍රතිඥා දෙයි
පවතින ක්‍රමය වෙනස් කරන බවට නව ජනපති ප්‍රතිඥා දෙයි

ශ්‍රී ලංකාවේ අටවැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ප්‍රතිඥා දුන්නේ පවතින ක්‍රමය වෙනස් කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ කරන අයගේ අවශ්‍යතා ඉටු කරන බවත් නීති කඩන්නන්ට එරෙහිව කටයුතු කරන බවත්ය.

කොළඹ ගංගාරාම විහාරස්ථානයේ ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

“ගැටුම්කාරී දේශපාලනය අවසන් කර පාර්ලිමේන්තුවේ සියලු දෙනා සමඟ කටයුතු කරන බවට මම ප්‍රතිඥා දෙනවා. පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්‍ෂ එකට වැඩකර ක්‍රම වෙනසක් ගෙන ඒමට නොහැකි වන්නේ මන්දැයි විරෝධය පළ කරන අය සහ තවත් බොහෝ අය ප්‍රශ්න කරනවා. මේ ප්‍රශ්න ගැන අපි අවධානය යොමු කළ යුතුයි,” ඔහු වැඩිදුරටත් පැවසීය.

රාජපක්‍ෂලා ඔහුගේ මිතුරන්ද යන්න ඇසූ විට වික්‍රමසිංහ මහතා පැවසුවේ ඔවුන් එසේ නොවන බවයි. “ඔයාට පේනවද මෙතන රාජපක්ෂලා. මම චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමඟ වැඩ කරලා තියෙනවා. ඇය එක පක්ෂයකට මා තවත් පක්ෂයක. වෙනත් දේශපාලන පක්‍ෂ සමඟ කටයුතු කළ පමණින් ඔවුන් මගේ මිත්‍රයෝ නොවෙයි.” ඔහු පැවසීය.

මීළඟ අග්‍රාමාත්‍යවරයා කවුරුන්ද යන ප්‍රශ්නයට පිළිතුරු දුන් ජනාධිපතිවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි පුද්ගලයා එම ධුරය භාරගත යුතු බවට තමා විශ්වාස කරන බවයි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version