26.6 C
Colombo

නව ජනාධිපති තෝරා ගැනීම 20 වනදා

Published:

ලබන 20 වනදා නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තුළින් තෝරා ගැනීමට අද (15) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇති බව කතානායකවරයා නිවේදනය කරනවා.

ඒ අනුව පාර්ලිමේන්තුව හෙට (16) සෙනසුරාදා රැස්වන අතර  ජනාධිපතිධුරයේ පුරප්පාඩුවක් පවතින බව හෙට පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමට නියමිතයි.

පෙර තීරණය කළ පරිදි නාම යෝජනා කැදවීම ලබන 19 වැනිදා සිදු කර ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම 20 වැනිදා සිදු කිරීමට නියමිතව තිබෙනවා

ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ මෙම ක්‍රියාවලිය නෛතික ප්‍රතිපාදන අනුව කිසිදු බාධාවකින් තොරව කඩිනමින් සිදු කිරීම සදහා සියලු පාර්ශවයන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවයි කතානායකවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Related articles

Recent articles