24 C
Colombo

නීතිය හා සාමය ආරක්ෂා කරගැනීමට ත්‍රිවිද හමුදාවට සහ පොලීසියට සහය වෙන්න – වැඩබලන ජනාධිපති

Published:

ඇඳිරි නීතිය හා හදිසි නීතිය පැනවීමට පියවරගත්තේ ආරක්ෂක අංශවල උපදෙස් අනුව බව වැඩ බලන ජනාධිපති අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයාට රටින් පළා යාමට අවස්ථාව ලබාදුන් බවට සඳහන් කරමින් විරෝධතාවල නිරත පිරිස් විසින් ගුවන් හමුදාපතිවරයාගේ නිවස හා අගමැති කාර්යාලය වැටලීමට සූදානමින් සිටි බවට බුද්ධි අංශ විසින් තමාට දැනුම්දුන් බවද අගමැතිවරයා සඳහන් කළා.

පවතින තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී ඇති බවත්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු පිරිසකගෙන් සමන්විත කමිටුවකට සම්පූර්ණ බලතල ලබාදී ඇති බවයි වැඩබලන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම තත්ත්වය යටතේ නීතිය හා සාමය ආරක්ෂා කරගැනීමට ත්‍රිවිද හමුදාවට සහ පොලීසියට සම්පූර්ණ සහයෝ​ගය ලබා දෙන ලෙස වැඩබලන ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Related articles

Recent articles