මෙරටට අද (16) දිනයේ පැමිණීමට නියමිත තිබූ පළමු ඩීසල් තොගය ලැබී ඇති බවට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව එම ඩීසල් තොගය අද අලුයම කොළඹට පැමිණි බවත්, මේ වනවිට එහි තත්ත්ව සාම්පල පරීක්ෂා කෙරෙන බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
පළමු වෙනි පෙට්‍රල් තොගය ද ජූලි 18-19 යන දෙදින තුළ මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.