25 C
Colombo

පාකිස්තානයට ලකුණූ 342 ක ඉලක්කයක්

Published:

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීම සඳහා පාකිස්තානයට ලකුණු 342 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වන අද දිනයේ දී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 337 ක් පමණයි.

දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 94 ක් ලබාගත් අතර ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ප්‍රහාත් ජයසූරිය ලකුණු හතරකට දැවී ගියා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 76 ක් ද ඕෂධ ප්‍රනාන්දු ලකුණු 64ක් ද ලබා ගත්තා.

Related articles

Recent articles