පාකිස්තානයට එරෙහිව ලබන16 වැනිදා ගාල්ලේදී ආරම්භ වන ටෙස්ට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු මෙම කණ්ඩායම ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත වේ.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය ටෙස්ට් තරග 2 කින් සමන්විත වන අතර දෙවැනි ටෙස්ට් තරගය ලබන 24 වැනිදා කොළඹ, ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පෑවත්වේ.
