27.2 C
Colombo

පාසල් පවත්වන දින ගණන සතියකට දින 03ක් දක්වා අඩුකෙරේ

Published:

ලබන 25 වැනිදා සිට සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පමණක් පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

බදාදා සහ සිකුරාදා දිනවල නිවෙස්ගත හෝ මාර්ගගත ඉගැනුම් ක්‍රියාවලියක් අනුගමනය කරන ලෙස සියලුම විදුහල්පතිවරුන්ට සහ කලාප අධ්‍යක්ෂවරුන්ට චක්‍රලේඛයක් නිකුත් කෙරේ.

පළමු පාසල් වාරය සැප්තැම්බර් මස 07 වැනිදා දක්වා දිර්ඝ කර ඇති බව ද අමාත්‍යාංශය දැනුම් දෙයි.

පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා අත්‍යවශ්‍ය ඉගැනුම් නිපුණතා ආවරණය වන පරිදි සංශෝධිත විෂය නිර්දේශ ලබාදෙන අතර ලබන සඳුදා සිට එම සංශෝධන විෂය නිර්දේශය අනුව ඉගැන්වීම් කළ යුතුයි.

කෙසේ වෙතත් පළමු වාර පරීක්ෂණය නොපැවැත්විය යුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

සිසුන් නිල ඇඳුමින් සැරසී පාසලට පැමිණිය යුතු වුවත් , ඇතැම් සිසුන්ගේ පාවහන් හා නිල ඇඳුම්වල පවතින යම් යම් අඩුපාඩු හෝ ගැටලු හේතුවෙන් ඔවුන් පාසලට පැමිණීම අධෛයර්මත් නොකළ යුතු බව ද අදාළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වේ

Related articles

Recent articles