24 C
Colombo

පැරණි Twitter පණිවිඩය මකා දමන්න – මහේල UNP යට කියයි

Published:

ආරක්ෂක අංශ විසින් අද (22) අලුයම ගාලුමුවදොර වෙත එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක හේල ජයවර්ධන ප්‍රතිචාර දක්වා තිබෙනවා.

පසුගිය මැයි 09 වැනි දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිතවාදීන් විසින් විරෝධතාකරුවන්ට එල්ල කරන ලද ප්‍රහාර හෙළා දකින එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ Twitter පණිවිඩයකට පිළිතුරු පණිවිඩයක් මහේල සටහන් කර තිබෙනවා.

එම Twitter පණිවිඩය මඟින් එවක එක්සත් ජාතික පක්ෂය සඳහන් කර තිබුණේ, එජාප නායක රනිල් වික්‍රමසිංහ ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය හෙළා දකින බවත්, අගමැතිවරයා පමණක් නොව මුළු රජයම ඉල්ලා අස්විය යුතු බවයි.

එක්සත් ජාතික පක්ෂයේ එම පැරණි Twitter පණිවිඩයට පිළිතුරු සටහනක් තබමින් මහේල ජයවර්ධන සඳහන් කරන්නේ, මෙය හැකි ඉක්මනින් මකා දැමිය යුතු බවත් සේ නොවුණහොත් නව කැබිනට් මණ්ඩලය පත් කිරීමටත් පෙර තවත් ඉල්ලා අස්වීමක් සිදුවනු ඇති බවයි.

Related articles

Recent articles