30 C
Colombo

පැහැරගත් මාධ්‍යවේදීන්ට පහරදීමක් හේතුවෙන් රෝහල් ගත කෙරේ

Published:

අද (22) අලුයම ගුවන් හමුදාව විසින් පැහැරගෙන ගොස් පහරදී කොල්ලුපිටියේ පාරේ දමා ගොස් සිටිය දී මුදාගත් මාධ්‍යවේදී චතුරංග ප්‍රදීප් කුමාර සහ කසුන් කුමාරගේ මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටිනවා.

අදාළ මාධ්‍යවේදීන් දෙදෙනාට අමානුෂික ලෙස පහරදී ඇති අතර චතුරංග නැමති මාධ්‍යවේදියාගේ කොන්දේ සහ පාදයක අපහසුතාවයකින් පෙලෙන අතර කසුන් කුමාරගේ  හිස්කබලට දැඩි ප්‍රහාරයක් සිදුකර තිබෙන බවයි සඳහන් වන්නේ. 

මොවුන් සමඟ කොල්ලුපිටිය ප්‍රදේශයේ දී ගුවන් හමුදාවේ පහර දීමකට ලක්වූ ෆයිසාන් ද එම රෝහලේ  ප්‍රතිකාර ලබනවා.

Related articles

Recent articles