ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් පිට පළාත්වලින් කොළඹට පැමිණෙන දුම්රිය අවලංගු කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසයි.
කොළඹින් ආරම්භ වන දුම්රිය පමණක් ගමනාන්ත වෙත ධාවනය කරන බවයි සාමාන්‍යාධිකාරීවරයා පවසන්නේ.
හෙට (15) අලුයම 5.00 දක්වා බලපැවැත්වෙන පරිදි කොළඹ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මහජන ආරක්ෂක ආඥාපනතේ විධිවිධාන යටතේ පවරා ඇති බලතල අනුව වැඩබලන ජනාධිපතිවරයා විසින් මෙම නියෝගය පනවා ඇති බවයි.