පුරාවිද්‍යා වටිනාකමක් ඇති දේපළවලට හානි සිදුව ඇත්දැයි සොයා බැලීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයට පැමිණ තිබේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතා ඇතුළු නිලධාරීන් එම පරිශ්‍රයේ රැඳී සිටින විරෝධතාකරුවන් සමඟ සාකච්ඡා කළහ.
පසුගිය සෙනසුරාදා විරෝධතාකරුවන් විශාල පිරිසක් ජනාධිපති මන්දිරයට, ජනාධිපති ලේකම් කාර්යාලයට සහ අරලියගහ මන්දිරයට කඩා වැදුණු අතර ඔවුන් තවමත් එම පරිශ්‍රයේ රැඳී සිටිති.