ඩීසල් නෞකා 2කින් රැගෙන ආ ඉන්ධන තොග මේ වනවිට ගොඩබාමින් තිබෙන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
මේ අතර තවත් පෙට්‍රල් නෞකාවක් තත්ත්ව පරීක්ෂාවට භාජනය කරමින් ඇති බවත් එම කටයුතු අවසන් වූ පසුව අදාළ නෞකාවේ ඉන්ධන ගොඩබෑමේ කටයුතුද හෙට (19) දිනයේ ආරම්භ කෙරෙන බවයි අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ.
ඒ අනුව එම ඉන්ධන තොග හෙට (19) දිනයේ සිට දුම්රිය සහ ඉන්ධන බවුසර් රථ මාර්ගයෙන් රටපුරා ඉන්ධන පිරවුම්හල් වෙත බෙදාහැරීමට නියමිත බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
