27.9 C
Colombo

පොල්දූවේදී පැහැරගත් T56 අවිය දියවන්නාවෙන් සොයාගැනේ

Published:

ජුලි 13 වනදා පොල්දූව හන්දිය අසල පැවති විරෝධතාවයේදී විරෝධතාකරුවන් විසින් පැහැරගන්නා ලද T56 වර්ගයේ ගිනි අවිය සොයාගෙන තිබෙනවා.

ඒ අනුව රාජගිරිය සමනල පාලම අසල දියවන්නා ජලාශයේ පාර්ලිමේන්තුව දෙසට වන්නට පාලම යට තිබියදී නාවික හමුදා කිමිදුම් බලකායේ නිලධාරින් විසින් සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.

එහිදී එම ගිනි අවිය සහ හිස් පතොරම් ගැබක්ද වැලිකඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර වැලිකඩ පොලිසිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

Related articles

Recent articles