30 C
Colombo

පොල්දූවේ විරෝධතා අතරතුර යුද හමුදා සෙබලෙකුගේ ගිනි අවියක් හා ජීව උණ්ඩ 60ක් පැහැර ගැනෙයි

Published:

ඊයේ රාත්‍රී කාලයේ බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය අසල විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇතිවූ ගැටුම්වලදී යුද හමුදා සෙබලෙක් සහ පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසනවා.

මේ අතරින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා ඇති පොලිස් නිලධාරියා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ සිට නාරාහේන්පිට පොලිස් රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී විරෝධතාකරුවන්ට මැදි වූ යුධ හමුදා සෙබළකු ද දැඩි ලෙස පහර කෑමට ලක්ව ඇති අතර ඔහු සතුව තිබූ ටී 56 ගිනි අවිය සහ ජීව උණ්ඩ හැටක් ඇතුලත් පතරොම් ගැබ් දෙකක් විරෝධතාකරුවන් විසින් පැහැරගෙන ඇති බවත් වාර්තාවනවා.

මෙම හමුදා සෙබලා වැල්ලවාය හමුදා කඳවුරට අනුයුක්ත සෙබළකු බවයි පොලිස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

Related articles

Recent articles