බ්‍රිතාන්‍යයේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක එඩ් ඩේවි ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කිරීම සඳහා සිය ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කරන ලෙස එක්සත් රාජධානියේ රජයෙන් ඉල්ලා තිබේ.
ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඊයේ පැවති හදිසි විවාදයේදී මෙම ඉල්ලීම කර තිබේ.
ශ්‍රී ලංකාවේ ජනතාවට ඇති වී තිබෙන බිහිසුණු බියකරු තත්ත්වය සම්බන්ධයෙන් රාජපක්‍ෂ ආන්ඩුව වග කිව යුතු බවට ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.